මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණගේ පුරවැසිභාවය ගැන ආණ්ඩුවෙන් පිළිතුරක්

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම තනතුර හෝ ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අවස්ථාවේදී හෝ ද්විත්ව පුරවැසියකු නොවන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. එම නිසා ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...