ඩොලර් මිලියන 2.5 සිද්ධිය ගැන පැමිණිලි කළේ මියගිය රංග නෙවෙයි. විපක්ෂය මේ ගැන කියපු සියල්ල බොරු – ඇමති නලින්ද

සටහන – රුවන් නෙළුගොල්ල

මහාභාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකමට ලක්වීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ මියගිය රංග නිශාන්ත යන නිලධාරියා විසින් නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මේක නිකම් සෙල්ලම් කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. අපි ඉතාම ගැඹුරින් මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. මේ අනතුර, මේ සයිබර් අපරාධකරුවන්ගේ මැදිහත් වීම් ඕනෑම ආයතන පද්ධතියකට එන්න පුළුවන්”

“මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය තමුන්නාසෙලා කොතරම් පහත් ලෙස ප්‍රචාරය කරන්න උත්සාහ කරනවාද ? තමුන්නාන්සෙලා මේ ගැන කියපු සියල්ලම පාහේ බොරු. පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා කිව්වා.. ඇත්තටම පැමිණිල්ල කළේ ලිඛිතව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා”

“ඒ විතරක් නෙවෙයි, මේ මරණය සැක කටයුතුයි කියලා බිරිඳ කියන එක… මතක තියාගන්න මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා. ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා. මොකද ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. බරපතළ කම්පනයක් තියෙනවා මේ කියන ප්‍රකාශ ගැන. අද බණ හෙට දානය. ඊට පස්සේ ඒ ඥාතීන් ඇවිත් ඒ කියපු අයට එරෙහිව පැමිණිලි කරනවා. ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් කියන්නෙ බොරු කියන එක නෙවෙයි, හරිද ?”

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවති හදිසි නීති විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...