ඇමරිකාවේ සහ ඉරානයේ අළු යට ගින්න – ට්‍රම්ප් Project Freedom තාවකාලිකව අත්හිටුවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ටෙහෙරානය සමඟ ගිවිසුමක් අවසන් කළ හැකිදැයි බැලීමට මෙහෙයුම “කෙටි කාලයක්” සඳහා නවතා දමන බවයි ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ.

මෙහිදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කළේ එක්සත් ජනපදය “උපරිම පීඩනයේ ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බවත් “ඉරානය ඔවුන්ගේ ඒකපාර්ශ්වික ඉල්ලීම්වලට යටත් වනු ඇතැයි අපේක්ෂා කරන” බවත්ය. එය ටෙහෙරානයට “කළ නොහැකි” බවයි ඉරාන ජනාධිපතිවරයා කියා සිටින්නේ.

ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ, පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා උක්ත තීරණය ගත් බවයි.

සඳුදා ආරම්භ කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” මෙහෙයුම හේතුවෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු ද වාර්තා විය.

එහෙත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහි ප්‍රහාරාත්මක මෙහෙයුම් මේ වන විට අවසන් කර ඇති බවය.

කෙසේවෙතත් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ නාවික ගමනාගමනයට යළිත් තර්ජන එල්ල වුවහොත් “දැඩි හා විනාශකාරී” ප්‍රතිචාරයක් දක්වීමට සූදානම් බවද ඇමරිකාව අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...