දැන් උත්තර සභාග හදන ගම්මන්පිල එදා ඩීසල් අර්බුදය හදපු හැටි පතිරණ කියයි

උත්තර සභාගය කියල හදාගත්ත කණ්ඩායම ඇමතිකම් කරනකොට උත්තර හොයපු හැටි මෙහෙමයි. හැබැයි මේකට වගකියන්න ඕන ගම්මන්පිල නෙමෙයි. ඒවගෙ වංචනික මිනිහෙකුට, දේශපාලන බලලෝභය වෙනුවෙන් ඕන දෙයක් කරන මිනිහෙකුට කැබිනට් ඇමතිකමක් දීපු හිටපු ජනාධිපති ගෝඨාභය.

සුදු රෙදි අඳින ඔය මිනිහ ඩීසල් අර්බුදය හදල ඒකෙන් අතුරු නිෂ්පාදනයක් විදියට විදුලි අර්බුදයත් හැදුවෙ මෙහෙමයි.

මුලින්ම කළේ 2021 අග CPTL සංචිතයේ තිබුණ දැව් තෙල් මෙට්‍රක් ටොන් 150,000ක් විකුණල දැම්ම. දැන් මොකද වෙන්නෙ ?විදුලි ජෙනරේටර් දුවන්න සාමාන්‍ය ඩීසල් ටික දෙන්න වුනා. ඔය අතරේ විදුලි බල මණ්ඩලයට ලොකු පාඩුවක් දරන්න වුනා. ඒ දැවිතෙල් වෙනුවට ඩීසල් පුච්චල විදුලිය ජනනය කිරීම හරහා. මණ්ඩලය ක⁣ළේ පාඩුව පියවගන්න බලාගාරවල වතුර ඇරිය. වෙනදට අප්‍රේල් වෙනකල් 50% තියෙන වතුර මෙදා ඒ වෙනකොට 10% බැස්සා. වතුර එතෙන්ට බැස්සම ගේන ගේන ඩීසල්වලින් වැඩි හරියක් බලාගාරවලට දෙන්න වුනා. මිනිස්සුන්ට දෙන ප්‍රමාණය අඩු වුනා. අඩු වෙනකොට ගම්මන්පිල කිව්ව තව ඩීසල් තියෙන්නෙ දවස් දෙකකට කියල. ඒක අහපු මිනිස්සු පැනික් වෙලා පෝලිම් ගැහුනා. එතකොට ඩීසල් ගෙනත් පිරිමහන්න බැරි තැනට පරිභෝජනය වැඩි වුනා. අන්න එහෙමයි ඔය උත්තර තියෙනව කියන කණ්ඩායම ගෝඨාභගේ ආණ්ඩුවෙ ඉන්න ගමන් විදුලි අර්බුදයයි ඩීසල් අර්බුදයයි දෙකම එකට හැදුවෙ.

ඔය අත⁣⁣රේ ඕමානයෙන් ණය ඉන්ධන ගෙන්න ගිවිසුම් ගහනව කියල කැබිනට් එකත් නොමග හැරිය. කවදාහරි දවසක මේ අර්බුදය ගැන පරීක්ෂණයක් කරනකොට මෙන්න මේවට තමා උත්තර දෙන්න ඕන.

~ මහින්ද පතිරණ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...