2026 බෙයිජිං Xiangshan සංසදයේ පූර්ව සමුළුව ඇරඹේ

කොළඹ LNW:දින දෙකක් පුරා පැවැත්වෙන 2026 බෙයිජිං Xiangshan සංසදයේ පූර්ව සමුළුව අද (08) ඇරඹුණා. ඒ චීනයේ බෙයිජිං හිදී. එහි ප්‍රධාන තේමාව ‘ගෝලීය ආරක්ෂක පාලනය සඳහා වූ අභියෝග හා පිළියම්’ යන්නයි.

මෙම සමුළුව, Xiangshan සංසදයට අනුබද්ධ වැදගත් කොටසක් ලෙසට, මෙම වසරේ සරත් ඍතුවේ පැවැත්වීමට නියමිත 13 වන බෙයිජිං Xiangshan සංසදය සඳහා පදනමක් වීම විශේෂත්වයක්.

රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, කාම්බෝජය, ප්‍රංශය ඇතුළු 40කට වැඩි රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් පැමිණෙන නියෝජිතයෝ හා දෙස්-විදෙස් විද්වත්හු 120කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිනවා. ‘ජාත්‍යන්තර පටිපාටිය හා ජාත්‍යන්තර නීතිමය පාලනය’, ‘ආසියා-පැසිෆික් ආරක්ෂාවේ නව අභියෝග’, ‘ජාත්‍යන්තරයේ පොදු සුරක්ෂිතතාවේ වගකීම් ආරක්ෂා කිරීම’ සහ ‘නැගී එන තාක්ෂණ හා යුදමය භාවිතයෙන් ඇති වන අවදානම් පාලනය’ යන ප්‍රධාන තේමා හතර සම්බන්ධයෙන් එහිදී වට මේස සාකච්ඡා පැවැත්වෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...