ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන කොල්ලුපිටිය, පේද්රිස් මාවත ප්රදේශයේ පිහිටි නිවසකදී ගෙල වැළලාගෙන මියගොස් සිටියදී අද (08) උදෑසන හමුවී තිබිණි.
2013 වසරේදී ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට ඔහුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබුණේ තමන් ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්ය ප්රියංකර ජයරත්නට මහතාටද, රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදුන් බව කපිල චන්ද්රසේන සිය කොමිසම හමුවේ ප්රකාශ ලබාදෙමින් පැවසූ බවයි.
එහෙත් ඊට විරෝධය දක්වමින් කපිල චන්ද්රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්රකාශ ලබාගෙන ඇති බවය. කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ සැකකරුවකු සියදිවි නසාගත් ආකාරයටම කපිල චන්ද්රසේනත් සියදිවි නසාගන්නා තැනට වැඩ සිද්ධ කරන බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා කපිල චන්ද්රසේනට තර්ජනය කළ බව ඔහු එහිදී පවසා තිබිණි.
ඊට අදාළව කපිල චන්ද්රසේන දිවුරුම් ප්රකාශයක් අධිකරණයට ලබාදී තිබුණු අතර එය පහතින් දැක්වේ.





