එදා ගැබිනි මව්වරු කෑවෙ කොස් පොළොස්, අද ගැබිනි මව්වරු ඉල්ලන්නෙම රයිස්, කොත්තු – මන්දපෝෂනේට හේතුව උපුල් රාජාපක්ෂ පැහැදිලි කරයි !

Date:

අතීතයේ ගර්භනී තත්වයේ පසුවන කාන්තාවන් වෙල් මාලු, කොස්, දෙල්, පොළොස් වැනි ආහාර ගත් නමුත්, වර්තමානයේදී ගැබිනි කාන්තාවන් ඉල්ලන්නේ පීට්සා, කොත්තු, රයිස් වැනි ශරීරයට අහිතකර ආහාර වර්ග බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. මෙවැනි ආහාර වර්ග කෙතරම් ශරීරයට ගැලපෙන්නේද, එවැනි ආහාර අනුභව කිරීමෙන් උපදින දරුවන්ට සිදුවන හානිය පිළිබඳව කාන්තාවන් අවබෝධ කරගත යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැබිනි කාන්තාවන් තමන්ගේ සහ තම දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළයුතු බවයි.

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේම 06 වැනි ස්ථානයට පත්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන්ව තිබීම සම්බන්ධයෙන් පුදුම වන බවත්, දශක ගණනාවක සිට දැඩි ආර්ථික අර්බුදවලින් පෙළෙන අප්‍රිකානු රටවලට වඩා ශ්‍රී ලංකාව මන්දපෝෂණයෙන් ඉහළට පැමිණියේ කෙසේදැයි සිතාගත නොහැකි බවත් උපුල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙම වාර්තාව සකස් කළේ කුමන දත්ත පදනම් කරගෙනද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය බළධාරීන්ගෙන් විමසා සිටි නමුත් ඔවුන්ටද ඊට ප්‍රමාණවත් පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ගමේ ජනතාව සමග සිටින තමාට ඔවුන් ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තිබෙන බැවින් තමන් ජීවත් වන ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන්නට තරම් ආර්ථික අපහසුතා සහිත පවුල් නොමැති බවද ඔහු පවසනවා.

මන්දපෝෂණය සම්බන්ධයෙන් පමණක් නොව අධිපෝෂණය සම්බන්ධයෙන්ද සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි උපුල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...