HSBC ප්‍රධානියාගේ කතාව හරි. අපි බැරලයක් ඩොලර් 286 ගාණේ ඩීසල් ගත්තා – තෙල් සංස්ථා සභාපති පිළිගනී

පසුගිය දිනවල තම ආයතනය බැරලයක් ඇමරිකානු ඩොලර් 286ක් වැනි අගයකට ඩීසල් තොග මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.

“අපි බොරතෙල් කිසිම ආකාරයකින් බැරල් එකක් ඩොලර් 286 ට අරගෙන නැහැ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සෙ අපිට මාර්තු මාසෙ 11 වෙනිදා නැවක් ආවා ඒකෙ බැරල් එකක් වුණේ ඩොලර් 66.99ක්. ඊටපස්සෙ බොරතෙල් සැපයුම ඇනහිටියා. ඊටපස්සෙ අද තමයි බොරතෙල් නැවක් එන්නෙ. ඒකෙ මිල වෙලා තියෙන්නෙ බැරල් එකක් ඩොලර් 71.99ක්. එතකොට ඊටපස්සෙ අපිට මේ මාසෙ අන්තිමේ තව නැවක් එනවා, ඒකට අපි එල්සී ඕපන් කරලා තියෙන්නෙ බැරල් එකක් ඩොලර් 71.80 යි. ලබන මාසෙ මැද තව නැවක් එනවා, ඒකට අපි එල්සී ඕපන් කරලා තියෙන්නෙ ඩොලර් 113.29 යි.

අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා, එතුමන්ලා කියලා නැහැ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නෙ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒක බොරතෙල් කියලා ඇතැමුන් එක්කෝ හිතාමතා කරලා තියෙනවා, නැත්නම් තොරතුරු අවබෝධ කරගන්නෙ නැතිව කරලා තියෙනවා. තෙල් කිව්වාම තෙල් වර්ග ඕනෙ තරම් තියෙනවා. මේ කියන්නෙ තෙල් බැරලයක්. ඩීසල්ද, පෙට්‍රල්ද, බොරතෙල්ද, මොන තෙල් ද කියලා නැහැ. එහෙම නැතිව අර එතුමන්ලා කරපු ප්‍රකාශයේ ගැටලුවක් නෙවෙයි මෙතන තියෙන්නෙ”

ප්‍රශ්නය – මොකක් හෝ තෙල් වර්ගයක් ඒ මිලට අරන් තියෙනවාද ?

“අනිවාර්යයෙන් අරන් තියෙනවා. මේ තියෙන්නෙ ඕගොල්ලන්ට පේනවා ලෝක වෙළඳපොලේ මිල ගිහින් තියෙන හැටි. මෙතන පැහැදිලිවම පේනවා ඩීසල් මිල විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා කියලා. අපේ තෙල් මිලදී ගැනීමේ ක්‍රමවේදය ගත්තාම අපි ගොඩබාන වෙලාවේ දවස් පහක තියෙන ඇවරේජ් එක ගන්නෙ. ඒ ඇවරේජ් මිල ගත්තොත් පෙබරවාරි මාසෙ ඩීසල් බැරල් එකක් වුණේ ඩොලර් 88.83 යි. මාර්තු මාසෙ ඇවරේජ් එක වෙනවා 191.73ක්. අප්‍රේල් මාසෙ මේ වෙනකල් ඇවරේජ් එක තියෙනවා 199.70ක්. මේ මිල අපි කාටවත් පාලනය කරන්න බෑ. මේ කාලය තුළ වැඩිම වෙලා තියෙන්නෙ මාර්තු අග – අප්‍රේල් මුල. මේ දවස්වල නැවක් ආවා නම් ඒ නැවේ මිල මේ ගණන්වලට යනවා අනිවාර්යයෙන්ම. ප්‍රීමියම් අගය, ලෝක වෙළඳපොලේ මිල දෙක එකතු වුණාට පස්සෙ මිල වැඩිවෙලා තියෙන්නෙ. ඒක අපිට පාලනය කරන්න බැහැ”

තෙල් සංස්ථා සභාපතිවරයා මේ බව පැවසුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...