ආර්ථික අර්බුදයේ තරම ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න මුදල් කාරක සභාවෙන් විශේෂ වැඩසටහනක් !

0
255
Sri Lankan President Gotabaya Rajapaksa delivers his speech laying out the policies of his new government, after ceremonially opening the new session of parliament, in Colombo, Sri Lanka January 3, 2020. REUTERS/Dinuka Liyanawatte - RC278E9K95XN

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සකස් කිරීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් අනුවයි මෙම වැඩසටහන සකස් කිරීමට නියමිතව තිබෙන්නේ.

රාජ්‍ය මුදල් කාරක සභාව ඊයේ, එහි සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. පසුගිය ජුලි 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, 2022 වසර මැද මුල්‍ය තත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිළධාරීන් විසින් රාජ්‍ය මුදල් කාරක සභාව දැනුවත් කර තිබෙනවා.

මෙම දැනුවත් කිරීමේදී මතු වූ විවිධ කරුණු හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් යෝජනා කර තිබෙන්නේ ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය පිළිබඳ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සුදුසු බවයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩසටනක් සකස් කිරීමට නියමිත අතර පළමු අදියර ලෙස ඉහළ යන උද්ධමනය සහ පොලී අනුපාතය අතර ඇති සම්බන්ධය පිළිබඳව දැනුවත් කිරීම සුදුසු බව සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසා තිබෙනවා. ඒ සඳහා සාමාජිකයන් සියලුදෙනාගේ අනුමැතිය හිමිව තිබේ.

2019 වසරේදී සිදුකළ බදු සංශෝධනය හරහා රාජ්‍ය ආදායම් අඩුවීම, ආදායම් අඩුවීම සඳහා කොවිඩ් වසංගතයේ බලපෑම ආදී කරුණු කිහිපයක් පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර මේ වනවිට රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

UN