රෂිකා හෙන්නායක මැයි 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ජපාන ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන කවුරු මිටෝමා පාදයේ ආබාධයක් හේතුවෙන් 2026 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඇති බව අනාවරණය කෙරේ.
මිටෝමාට අමතරව තකුමි මිනාමිනෝ ද ආබාධ නිසා සංචිතයට ඇතුළත් කර නොමැති අතර, පසුගිය කාලයේ ආබාධවලට ලක්ව සිටි ටකෙහිරෝ ටොමියාසු කණ්ඩායමට නම් කර ඇත.
ජපාන පුහුණුකරු හජිමේ මොරියාසු විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නිල සංචිතය, අත්දැකීම් බහුල සහ නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ජපානය F කාණ්ඩය යටතේ නෙදර්ලන්තය, ස්වීඩනය සහ ටියුනීසියාව සමඟ තරග වැදීමට නියමිතය.



