චීන-ඇමරිකානු ජනපතිවරුන් අතර තවත් කෙටි හමුවක්

කොළඹ LNW:චීන හා ඇමරිකානු ජනාධිපතිවරු කුඩා කණ්ඩායම් රැස්වීමකට එක් වුණා. ඒ චීනයේ බෙයිජිං නුවර Zhongnanhai හිදී අද (15) පෙරවරුවේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා. ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම,විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද ඔහු පැවසුවා. එමෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ බවත් හෙතෙම සඳහන් කළා. මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසුවා.

තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළා. සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටටම සහ ලෝකයටම මහත් ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසුවා. ෂී ජින් පිං මහතා තම පැරණි මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප් මහතා, තමා එතුමන්ට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් ප්‍රකාශ කළා. එමෙන්ම ඇමරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකවම යහපත් අතට හැරෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. ෂී ජින් පිං මහතා සමග අවංක හා පුළුල් සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට තමා කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හිදී ෂී ජින් පිං මහතා පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්