කොළඹ LNW:විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන ලංවීම සේවකයන් 1,898ක් වෙනුවෙන් රුපියල් බිලියන 8.5 ක මූල්‍ය වන්දි ප්‍රදානය අද (15) දෙහිවල EDL D4 ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එමෙන්ම මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, අමාත්‍යාංශ ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු යන මහත්වරුන් සහ අනුප්‍රාප්තික සමාගම්වල ප්‍රධානීන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් ද එක්විය.
වන්දි ගෙවීම සඳහා වැය කෙරෙන රුපියල් බිලියන 8.5 ක මුදල සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරය සහ අදාළ අනුප්‍රාප්තික සමාගම් විසින් දරනු ලැබූ අතර මෙම මූල්‍ය බර කිසිසේත් ජනතාව මත පැටවීමට කටයුතු නොකරන අතර, ව්‍යුහමය වෙනස්කම් තුළින් ජනතාවට සහනදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ එකම අරමුණ බව දක්වා තිබේ.
අදාළ මුදල් සේවකයින්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීම සිදුවෙයි.
Electricity Generation Lanka (Private) Limited (EGL) ໑໙ Electricity Distribution Lanka (Private) Limited (EDL) සමාගම්වල වන්දි මුදල් මහා භාණ්ඩාගාරය මගින් ද, National System Operator (Private) Limited (NSO),National Transmission Network Service Provider (Private) Limited (NTNSP) සමාගම්වල වන්දි මුදල් වලින් 50%ක් මහා භාණ්ඩාගාරය සහ ඉතිරි 50% අදාළ සමාගම් මගින් ද ලබායි.
මෙම වන්දි ගෙවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ බල ශක්ති අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ, මෙම මූල්‍ය වන්දි ගෙවීම් හේතුවෙන් කිසිදු ආකාරයකින් විදුලි බිල හෝ සේවා ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බවයි. එමෙන්ම විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක ගැටළු වලට සංවේදීව ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිති සමග මනා සබඳතාවක් පවත්වා ගමින් සියලුම ආකාරයේ සේවක වරප්‍රසාද හා අයිතිවාසිකම් සුරකිමින් කටයුතු කල බවද තව දුරටත් අවධාරණය කරන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය හරහා නිර්මාණය කර ඇති පෞද්ගලික සමාගම් 06 මගින් වඩාත් විධිමත් කාර්ය සාධන දර්ශක (KPIs) හඳුන්වා දෙනු ලබන අතර මෙමගින් ආයතනික පාඩු අවම කර ගනිමින් වඩාත් ගුණාත්මක විදුලි සැපයුමක් පාරිභෝගිකයින් වෙත කඩිනමින් ළඟා කරදීමට අනුප්‍රාප්තික සමාගම් මේ වන විටත් කටයුතු කරමින් සිටියි.


