ඇමරිකානු ඩොලරය රුපියල් 331 පන්නයි. ඇතැම් බැංකුවල 334ත් පන්නයි !

අද (15) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙසත් විකුණුම් මිල ලෙස රුපියල් 331.15ක් ලෙසත් සටහන් වී තිබේ.

මෙය 2023 දෙසැම්බර් 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323 සහ විකුණුම් මිල රුපියල් 331 ඉක්මවා ගිය පළමු අවස්ථාව වේ.

ගතවූ සතිය තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක මිල ඉහළ ගිය ආකාරය පහතින් දැක්වේ.

කෙසේවෙතත් ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324 ඉක්මවාත් විකුණුම් රුපියල් 333 ඉක්මවාත් ගොස් තිබිණි.

කොමර්ෂල් බැංකුව
සම්පත් බැංකුව
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
ඩීඑෆ්සීසී බැංකුව

2026 වසර ආරම්භයේදී එනම්, 2026 ජනවාරි 01 වනදා වනවිට ඇමරිකානු ඩොලරයේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 305.84ක් සහ විකුණුම් මිල රුපියල් 313.43ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...