මහනුවර ශාඛාවේ සිද්ධියක් ගැන පැතිර යන කටකතා අසත්‍යයි – සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, දළදා වීදියේ පිහිටි සම්පත් බැංකු ශාඛාව සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන තොරතුරු අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් සම්පත් බැංකුව පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව සඳහන් කරන්නේ අදාළ ශාඛාවේ එක් ගනුදෙනුකරුවකු ලබාගත් රුපියල් මිලියන 51කට ආසන්න ණය පහසුකමක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව මෙසේ සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළව ඇති බවයි.

එම සිදුවීම දැනටමත් නීතිමය කටයුතු යටතේ පවතින අතර බැංකුව සහ එහි නිලධාරීන් අදාළ විමර්ශන බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඇතැම් සමාජ මාධ්ය වාර්තා කර ඇති ආකාරයට සම්පත් බැංකුවේ කිසිදු නිලධාරියකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බවත් බැංකුව අවධාරණය කර ඇත.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය දැනටමත් අධිකරණය හමුවේ පවතින බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ නැගෙන චෝදනා සහ නොමග යවනසුළු ප්‍රකාශ සියල්ල ප්‍රතික්ෂේප කිරීම හැර ඒවා සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට බැංකුවට මේ මොහොතේ හැකියාවක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...