අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4,099ක් පීඩාවට!

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ සහ පුද්ගල හානි පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම තත්ත්වය නිසා දිස්ත්‍රික්ක කිහිපයක නිවාස 141කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වැඩිම බලපෑමක් කළුතර දිස්ත්‍රික්කයට එල්ල වී ඇති බවත්, සමස්තයක් ලෙස පුද්ගලයින් 4,099 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් මෙම දත්ත මගින් තහවුරු කරයි.

පවුල් 1,263ක් පීඩාවට පත් කරමින් මෙම ස්වභාවික විපත්තිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48ක් පුරා පැතිර ගොස් තිබේ.

එමෙන්ම රත්නපුර, මඩකලපුව සහ ගාල්ල ඇතුළු ප්‍රධාන නගර රැසක නිවාස හානි වාර්තා වී ඇති බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...