සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද අද (18) ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි.

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :


ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උළෙල අද (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී පැවැත්වේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතා සමුළුව නිල වශයෙන් විවෘත කිරීමට නියමිත  අතර සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වේ.


මෙවර සමුළුවේ තේමාව “One world for Health” යන්නයි. මෙම තේමාව යටතේ ගෝලීය සෞඛ්‍ය අභියෝග, වසංගත සඳහා සුදානම සහ විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙවර සමුළුවට සහභාගී වී සිටින අතර ඒ මහතා අද සමුළුව ඇමතීමට ද නියමිතය.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙවර සමුළුවට සහභාගී වී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...