යුධ ජයග්‍රහණයේ සමරුවට අනුර, අරුණ සහ වටගල විතරයි. මහින්ද හෝ වෙනත් අයට ආරාධනා කළේ නෑ – විජිත

17 වැනි විජයග්‍රහණයේ සමරුව සඳහා වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් හැර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ වෙනත් කිසිදු දේශපාලන නායකයකුට ආරාධනා නොකළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ප්‍රශ්නය – විජයග්‍රහණයේ සමරුව ජාතික උත්සවයට, යුද්ධය නිමාවන කාලයේ ඒකට නායකත්වය දුන්න රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරාධනා කිරීමක් කළේ නැද්ද ? එහෙම කළේ නැත්නම් ඇයි ඒ ?

“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නෙ, ඇත්තටම ගත්තොත් සහභාගී වෙන්නෙ ජනාධිපතිතුමා, ආරක්ෂක නි‍යෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදියට සහ ජනාධිපති විදියට මැදිහත් වෙන්නෙ. අනිත් අය ත්‍රිවිධ හමුදාවෙ, පොලීසියෙ අය. ඊට අමතරව වෙනත් අයට දේශපාලන අධිකාරියේ කාටවත් ආරාධනා කරලා නෑ”

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...