ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: පවතින අධික වර්ෂාපතනය හමුවේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්රික්කයේ පම්බෙගම ප්රදේශයෙන් වාර්තා වී තිබෙන බව බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) උදෑසන 8.30 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්රික්කයේ පම්බෙගම ප්රදේශයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 336.5ක් බව දැක්වෙයි.
මේ අතර කැලණි ගඟ ආශ්රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
කැලණි ගඟ ද්රෝණියේ ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 300 කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් මෙම අවදානම මතුව තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අවදානම් සහිත මෙම ප්රදේශ ආශ්රිත ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


