සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝක සෞඛ්ය සංවිධානයට(WHO) අනුව මහජන හදිසි තත්වයක් ලෙස ප්රකාශයට පත් කර ඇති කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) ඉබෝලා සෞඛ්ය පහසුකම්වලට එල්ල වන ප්රහාර වැඩි වී ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ.
මෙම තත්වය වසංගතය විශාල වශයෙන් පැතිරීමේ අවධානම වැඩි වනු ඇතැයි ලෝක සෞඛ්ය සංවිධානය (WHO) සඳහන් කර තිබුණේ,
පසුගිය බ්රහස්පතින්දා(20) ඉබෝලා රෝගයෙන් මියගිය ඥාතීන්ගේ සිරුරු ඉල්ලා කෝපයට පත් පදිංචිකරුවන් පිරිසක් විසින් රාවම්පරා සෞඛ්ය මධ්යස්ථානයට කඩාවැඩි කුඩාරම් ගිනි තබා ඇති අතර දිනකට පසු, ඉටුරි පළාතේ මොන්ග්බ්වාලු හි රෝහලකටද මෙලෙසම ගිනිතබා ඇත.
ඉබෝලා වින්දිතයින්ගේ සිරුරු ඉතා බෝවන සුළුවන හෙයින් වෛරසය තවදුරටත් සම්ප්රේෂණය වීම වැළැක්වීම සඳහා මළ සිරුරු විශේෂිත ලෙස හැසිරවීම හා භූමදානය ප්රජාවගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
මේවන විට කොංගෝවේ පුද්ගලයින් 180 කට ආසන්න සංඛ්යාවක් මිය ගොස් ඇති අතර රෝගීන් 800 කට ආසන්න සංඛ්යාවකගේ ධනාත්මක බව තහවුරු වී ඇත.
රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ අප්රිකානු මධ්යස්ථානය විසින් අප්රිකානු රටවල් 10 ක් වන දකුණු සුඩානය, රුවන්ඩාව, කෙන්යාව, ටැන්සානියාව, ඉතියෝපියාව, කොංගෝ ජනරජය, බුරුන්ඩි, ඇන්ගෝලාව, මධ්යම අප්රිකානු ජනරජය සහ සැම්බියාව දැඩි අවධානයකින් නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් කියැවේ.

