විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමට පත්කිරීම සඳහා ජනපතිගේ නිර්දේශයට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය 22 වනදා රැස්වූ එම සභාව, මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එවා තිබූ නිර්දේශය සලකා බලා මෙසේ අනුමැතිය ලබාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණ සේවා කොමිසමට පත් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අගවිනිසුරුට පසු ජ්‍යේෂ්ඨත්වයෙන් වැඩිම විනිසුරුවරයා ය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යසන්ත කෝදාගොඩ මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවා ඇති බව සඳහන්.

කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් පත්වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල මාලිමා මන්ත්‍රී රිමාන්ඩ් !

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගත්...

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නියුතු භික්ෂූන් ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ නියෝගයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා කොළඹ...

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...