වෛද්‍යවරුන් විශාල වශයෙන් රටහැර යනවා. ඇතැමුන් නොකියාම ගිහින් – GMOA

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් විශාල වශයෙන් රටහැර යාමට පටන්ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“මේ ගෙවුණු මාස 8ක කාලය තුළදී මේ රටේ සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය ඇතුළෙ හිටපු වෛද්‍යවරුන් ආසන්න වශයෙන් 500ක පමණ පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාව හැරදා ගිහිල්ලා තියෙනවා. මේක සැලකියයුතු බරපතළ කාරණයක්. ගෙවුණු මාස දෙකක පමණ කාලය තුළදී විශේෂයෙන් මේ වෛද්‍යවරුන් අවසානයේදී මේ තියෙන තත්වයත් එක්ක තමන්ගෙ වෘත්තීය අතහැරලා දාලා, මේ වෙනත් රටකට විදෙස්ගත වෙන්නේ තමන්ගේ රැකියාව අත්හැරලා දාලා, සමහර වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමකින් තොරව. ඒ නිසා සේවය අත්හැර යාමේ නිවේදන නිකුත් කරන්න වෙච්ච ප්‍රමාණය 50කට වැඩියි. මේ සංඛ්‍යාලේඛන කිහිපයක් පමණයි”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (09) පැවත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයකු මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...