නීති ප්‍රතිපාදන සලසන්න. ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්දයට සුදානම් – මැතිවරණ කොමිසම කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්‌තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇති අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිදේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්‌තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් සිදුකර තිබේ.

එම අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව පවසා තිබේ.

එම අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව පවසා තිබේ.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ධමප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ග ගතවද සහභාගී සිට ඇත.

අමාත්‍ය විජිත් හේරත් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව රැස්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...