NPP එක රට භාරගත්තු ද සිට කොටස් වෙළඳපොළට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 10යි. එක ආයෝජකයෙක් නැහැ – SJB මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගත් දා සිට කොළඹ කොටස් වෙළඳපොලට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 10 ක් පමණක් වන අතර එක ආයෝජකයෙක් ගෙන ඒමට ආණ්ඩුව හැකියාවක් ලැබී නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් පැවසුවේය.

රටේ ඩොලර් ආදායම වැඩි කරගැනීමට නම් ආයෝජන ගෙන ඒමට සිදුවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගය රටේ පාලන බලය භාරගන්නා විට පැවතියේ ඩොලරය 292ක් වුවද මේ වන විට එය 336ක් දක්වා රු.44කින් වැඩි වී තිබෙන බවත් එම ඉහළ යාමත් සමඟ ණය බාරද රුපියල් බිලියන 1600කින් වැඩි වී තිබෙන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව අත්සන් කළ ගිවිසුම අවසන් වෙනවා. ඒ නිසා ආණ්ඩුවට ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත ගිවිසුමක් ඇති කර ගැනීමට සිදුවෙනවා. කෙසේ නමුත් දීර්ඝ කාලීන ආදායම් ලබා ගැනීමට රටේ ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. ඩොලර් ආදායම වැඩි කර ගැනීමට නම් ආයෝජන ගෙන ඒමට රජය වහාම කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් ආණ්ඩුවේ තක්කඩි වැඩපිළිවෙළ හේතුවෙන් ඩොලරයට සාපෙක්ෂව රුපියල රුපියලකින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 40 කින් වැඩිවෙනවා. ඩොලරයට සාපෙක්ෂව රුපියල රුපියල් 10 කින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 400 කින් වැඩිවෙනවා. ඒ වගේම ආණ්ඩුව ජාතික ජන බලවේගය භාර ගන්නා විට ඩොලරය 292 ක් ලෙසයි පැවැතුනේ. මේ වනවිට ඩොලරය 336 ක් වෙනවා. ඒ අනුව ඩොලරය රුපියල් 44 කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව රටේ ණය බර රුපියල් බිලියන 1600 කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රුපියලට සාපෙක්ෂව ඩොලර් 250 ට පැමිණෙනවාට සමගි ජනබලවේගය කැමැතියි. නමුත් එය සිදුකරන්න ආණ්ඩුව හැකියාවක් නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගත් දා සිට කොළඹ කොටස් වෙළඳපොලට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 10 ක් පමණයි. එක ආයෝජකයෙක් ගෙන ඒමට ආණ්ඩුව හැකියාවක් ලැබිලා නැහැ.

ඒ වගේම පවතින ආණ්ඩුවට වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ නොදුන්නේ වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිසයි. නමුත් සමගි ජනබලවේගය මෙම කාලය තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු වැඩ වර්ජනයක් සිදුකළේ නැහැ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරලා නැහැ. නමුත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න ඉදිරියේදී සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ පරිදි මාස 20 ක් ආණ්ඩුකරණය සිදුකර තිබෙනවාදැයි බලා ගැනීමට පළාත් සභා මැතිවරයෙන් හැකියාව තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ලැබී තිබෙනවාදැයි පරික්ෂා කර ගැනීමට පළාත් සභා මැතිවරණයෙන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා රටේ ලේකම්වරයා නෙවෙයි. රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තිරණ කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට හැකියාවක් නැහැ. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයට සමගි ජනබලවේගය ඕනෑම අවස්ථාවක සූදානම්. නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න බියක් දක්වනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (26) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...