දුම්රියට අසීමාන්තික ඉල්ලුමක් – ප්‍රවේශ පත්‍ර හිඟයකුත් මතු වෙයි!

Date:

සති අන්තයේ නිවාඩුව සඳහා විශේෂයෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය වන බදුලු මාර්ගය සඳහා විශාල ලෙස ජනතාව පැමිණීමත් සමඟ අධික මගී ජනතාවක් හේතුවෙන් ඇතැමුන්ට එම සේවාව ලබා ගැනීමට නොහැකි වීමෙන් දුම්රිය ස්ථානවල කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි (වාණිජ) වජිර එස්. පොල්ව­ත්තගේ මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෙසේවෙතත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වී තිබීම ගැන තමන් මගී ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින අතර පවතින තත්ත්වය වටහා ගෙන කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

දුම්රිය වෙන්කළ ආසන පවතින මැදිරිවලට ඇතැම් මගීන් බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීම නිසාද ඇතිවන කලබලකාරී තත්ත්වය මත ගමනාගමන කටයුතුවලටද බාධාවන් මතුව තිබෙන බවයි පොල්වත්තගේ මහතා කියා සිටියේ.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර ලබාගත් පන්තියේ මැදිරිවල පමණක් ගමන් කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

මේ වන විට දුම්රිය ගමනාගමනය සඳහා මගී ජනතාව වැඩි වශයෙන් එකතු වීම නිසා අනපේක්ෂිත ලෙස දුම්රිය ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් වීම හේතුවෙන් මේ වන විට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රශ්නයක් පවතින බවයි ඔහු පැවසුවේ.

විකල්ප ක්‍රියාමාර්ග ගනිමින් එම අවහිරතාවන් අවම කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොල්වත්තගේ මහතා කියාසිටින ලදී.

මේ අතර දුර ගමන් සේවා දුම්රිය වෙත විශාල ඉල්ලුමක් පවතින අතර විශේෂයෙන් ප්‍රධාන මාර්ගය වන බදුලු මාර්ගයේ දුම්රිය සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ආසන වෙන්කරවා ගැනීමේදී සෑම දිනකම පළමු විනාඩි පහ තුළම සියලුම ආසන අලෙවි වී අවසන් වන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...