ඉන්ධන මිල ඉහළට !

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 407 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. එහි නව මිල රුපියල් 478ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් ‍495කි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434ක් වේ.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 285ක් වන බවයි තෙල් සංස්ථාව නිවේදනය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...