පිට පිට තරග හතරකදී කාසියේ වාසිය හිමි වූ දසුන්ට අද කාසිය අවාසි වෙයි – ටොස් එක පකිස්තානයට

Date:

ආසියාවේ ක්‍රිකට් ශූරයන් කවුරුන්දැයි තීරණය කරන ආසියානු කුසලාන අවසාන මහා තරගය තවත් මිනිත්තු කිහිපයකින් ආරම්භවීමට නියමිතය.

ආසියාවේ ප්‍රබලයන් වන ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව හා පකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්තානු නායක බාබර් අසාම් සමත් විය. ඔහුගේ ඇරයුමෙන් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට සිදුවනු ඇත.

පසුගිය තරග හතරේදීම කාසියේ වාසිය ශ්‍රී ලංකාවට වාසනාවන්ත වූ අතර දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීමේ වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ නමුත් අද තරගයේදී ඔවුන්ට පළමුව පන්දුවට පහරදී එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට සිදුව තිබේ.

මෙවර තරගාවලියේ මෙතෙක් පැවති තරග 12 න් වැඩි ප්‍රමාණයකදී ලකුණු හඹායාම තෝරා ගත් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ඒ අනුව පකිස්තානු කණ්ඩායම අවසන් තරගය ආරම්භ කරන්නේ මානසික වශයෙන් යම් ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනි.

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ සිව්වැනි වරටත් පකිස්තානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයකදී හමු වූ අතර මීට පෙර අවස්ථා තුනෙන් දෙකක්ම ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

මේ වනවිට ශ්‍රී ලංකාව අවස්ථා 05 කදී ආසියාවේ ශූරයන් වී ඇති අතර පකිස්තානය අවස්ථා දෙකකදී ශූරයන් වී තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළදී හයවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියාවේ ක්‍රිකට් ශූරයන් වන්නේද එසේ නැතහොත් තෙවැනි වතාවටත් පකිස්තානය ශූරයන් වන්නේද යන්න තීරණය වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...