විදෙස් ප්‍රේෂණ 16% කින් ඉහළ ගිහින්

Date:

පසුගිය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා ඇති විදෙස් ප්‍රේෂණ 16.4% කින් ඉහළ ගොස් තිබෙනවා.

ආසන්න වසර කිහිපය තුළ කොවිඩ් වසංගත තත්වය ඇතුළු හේතු කිහිපයක් නිසා විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට එවන ඩොලර් සංචිත පහළ ගොස් තිබූ අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට එය ප්‍රබල හේතුවක් විය.

කෙසේ නමුත් මාස කිහිපයක සිට මෙරටට ලැබෙන ඩොලර් සංචිත ඉහළ යමින් තිබෙන අතර අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඩොලර් මිලියන 325 ක් එවා තිබෙනවා. ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ ඩොලර් මිලියන 279 ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළ මිලියන 46 කින් ඉහළ ගොස් තිබේ.

වසරේ ගතවූ කාලසීමාව තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවා තිබේ. වසර අවසන්වීමට පෙර තවත් 130,000 ක් විදෙස් රැකියා සඳහා පිටත් කර යැවීම තම ඉලක්කය බවයි කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...