9/11 ඛේදවාචකය සිදු වී අදට වසර 21යි

Date:

සටන්කාමී ඉස්ලාමීය අන්තවාදී ජාලය වන අල්-කයිඩා විසින් එක්සත් ජනපදයට එරෙහිව සිදු කරන ලද මානව ඉතිහාසයේ මාරාන්තිකම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන 9/11 ප්‍රහාරය සිදු වී අදට වසර 21කි.

2001 සැප්තැම්බර් 11 වැනි දින ත්‍රස්තවාදීන් දහනව දෙනෙක් ඊසානදිග එක්සත් ජනපදයේ සිට කැලිෆෝනියාවට ගමන් කිරීමට නියමිතව තිබූ වාණිජ ගුවන් යානා හතරක් පැහැර ගෙන ප්‍රහාරයන් හතරක් දියත් කරනු ලැබීය. කොල්ලකරුවන් පළමු ගුවන් යානා දෙක නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණු මතට කඩා වැටීමට සැලැස්වූ අතර තුන්වන ගුවන් යානය වර්ජිනියාවේ ආර්ලින්ටන් හි පෙන්ටගනයට (ඇමරිකානු හමුදා මූලස්ථානය) කඩා වැටුණි. සිව්වන ගුවන් යානය වොෂින්ටන්, ඩී.සී. හි ෆෙඩරල් රජයේ ගොඩනැගිල්ලකට කඩා වැටීමට සැළසුම්කළ මුත් ඉලක්කය අසාර්ථක විය.

මෙම ප්‍රහාරය හේතුවෙන් කොල්ලකරුවන් නොවන මරණ 2,977ක්, තුවාල 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ සැලකිය යුතු දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට අමතරව අවම වශයෙන් ඩොලර් බිලියන 10ක යටිතල පහසුකම් සහ දේපළ හානි සිදු විය. මෙමගින් නිව් යෝක්හි ආර්ථිකයට බරපතල හානි සිදු වූ අතර ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමිය පිරිසිදු කිරීමට පමණක් මාස අටක පමණ කාලයක් ගතවූ බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය පැහැදිළිවම ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය ආරම්භ කරනු ලැබීය. මේත් සමඟබොහෝ රටවල් ත්‍රස්ත විරෝධී නීති ශක්තිමත් කළ අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ බුද්ධි අංශවල බලතල පුළුල් කරනු ලැබීය.

ප්‍රහාරයේ වගකීම ඇමරිකාව විසින් අල්කයිඩා සංවිධානයට පැවරූ මුත් බින් ලාඩන් මුලින් එය ප්‍රතික්ෂප කරන ලදි. 2004 වසර වන විට ඔහු ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබීය. ඊට පිළිතුරු වශයෙන් එක්සත් ජනපදය නිල වශයෙන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනු ලැබීය. ඔසාමා බින් ලාඩන් පිටුවහල් කරන ලෙස තලෙයිබාන් සංවිධානයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂප කිරීම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය බලයෙන් පහ කිරීම සඳහා එක්සත් ජනපදය යුද්ධය ප්‍රකාශ කරන ලදි. දීර්ඝ කාලීන යුද්ධයකින් අනතුරුව බින් ලාඩන් 2011 මැයි 2 වන දින එක්සත් ජනපද හමුදාව විසින් මරා දමන ලදී.

මෙය ලෝකයේ කොතැනක සිදු වූවද වේදනාකාරීතම මතක වලින් එකකි. මෙම සිදුවීම අනුස්මරණය කිරීම සඳහා නිව්යෝක්හි අනුස්මරණ කෞතුකාගාරයක් පිහිටුවා ඇති අතර වර්ජිනියාවේ ආර්ලින්ටන් ප්‍රාන්තයේ පිහිටි පෙන්ටගන්හි හා පෙන්සිල්වේනියා ෆ්ලයිට් 93 ජාතික ස්මාරකයන් ඉදිකර තිබේ.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...