රාජ්‍ය ඇමතිවරු මිලියන 800ක් වියදම් කරන ගමන් ලක්ෂ 4ක් ඉතිරි කරන හැටි! (VIDEO)

රාජ්‍ය අමාත්‍යවරු වැටුප් නොගෙන වැඩ කරන බව පැවසුවද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇමති වැටුප බවත් මන්ත්‍රී වැටුප ඔවුන් ප්‍රතික්ෂේප කර නොමැති හෙයින් එම ඇමති කණ්ඩායම වෙනුවෙන් රු. මිලියන 800ක් වැය කිරීමට සිදුව ඇති අතර ඔවුන් ඇමති වැටුප ප්‍රතික්ෂේප් අකිරිම නිසා ඉතිරි වන්නේ රු. ලක්ෂ 4ක පමණ ප්‍රමාණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඉන්ධන දීමනාව,වාහන දීමනාව,රියදුරු දීමනාව,කාර්යාල දීමනාව,දුරකථන දීමනාව යන දීමනාවන් එම රාජයා ඇමතිවරු ප්‍රතික්ෂේප කර නොමැති බවයි වලේබොඩ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමාජ සාධාරණත්වය බලාපොරොත්තු වන ජනතාවට ආණ්ඩුව මේ කරමින් හිදින්නේ නින්දාවක් බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ගෝඨාභය රාජපක්ෂ රජය විනාශ කළ වන්දි බට්ට න්‍යායාචාර්යවරුන්ගේ උපදෙස් මත රනිල් වික්‍රමසිංහ රජයත් විනාශ මුඛයට යමින් තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...