රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :
විදේශ රැකියා ජාවාරමක නිරත වූ රන්තැටිගේ නිශ්ශංක ප්රියදර්ශන හෙවත් “ඩුබායි සුද්දා” නමැති අය කඩුවෙල ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
ඔහු සංචාරක වීසා භාවිතා කරමින් පුද්ගලයින් ඩුබායි සහ මොල්ඩෝවා යන රටවල රැකියා සඳහා යොමු කරන බව පවසා මුදල් වංචා කර ඇති ප්රධාන ජාවාරම්කරුවෙකි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වන මොහු, සමාජ මාධ්ය හරහා මෙම ජාවාරම මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ලක්ෂ හතක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවය.
මෙම සැකකරු මීට පෙරද මෙවැනිම වරදකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙකු බව වාර්තාවේ.
අදාළ ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි නීතිවිරෝධී ජාවාරම්කරුවන්ට හසු නොවී, යම් වංචාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසයි.


