රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :
ශ්රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග රෝම ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී මීටර් 92.62ක දැවැන්ත දුරක් වාර්තා කිරීමට සමත් විය.
වසරේ ලොව හොඳම දක්ෂතාවය ලෙස සැලකෙන මෙම දස්කම සමඟින් ඔහු මීටර් 90 සීමාව පසුකළ පළමු ශ්රී ලාංකිකයා බවට පත්විය.
දශක දෙකකට ආසන්න කාලයක් පැවති තරඟ වාර්තාව බිඳ දැමූ ඔහු, හෙල්ල විසි කිරීමේ ඉතිහාසයේ ආසියානු දෙවන හොඳම දුර ද තමන් සතු කර ගත්තේය.
මෙම දක්ෂතාවය හේතුවෙන් ඔහු ලොව සර්වකාලීන ක්රීඩක ලැයිස්තුවේ අටවන ස්ථානයට පත්ව ඇති අතර ඉහළම ගණයේ ආසියානු ක්රීඩකයින් සිව්දෙනා අතරට ද එක්විය.
තම පෞද්ගලික සහ ජාතික වාර්තා අලුත් කරමින් සිදු කළ මෙම දස්කම ජාත්යන්තර ක්රීඩා ක්ෂේත්රය තුළ ශ්රී ලංකා නාමය ඉහළටම ඔසවා තැබූ අවස්ථාවකි.



