ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මේ වන විට මහ බැකුවේ හැසිරීම සම්බන්ධයෙන් අසතුටුදායක තත්ත්වයක් පවතින හෙයින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉල්ලා සිටියි.
මහ බැංකුව ස්වාධීන කිරීම තුළ රටට මහජනතාවට යහපතක් වී ඇත්ද සහ එය ප්‍රශ්නකාරී දෙයක් බවට පත්ව ඇත්ද යන්න නිශ්චිත වශයෙන් සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඒ අනුව රටට ගැළපෙන ආකෘතිය හදුනා ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
රුපියල පාවීම ප්‍රශ්නයක් නොවන බවට මහ බැංකුව පැවසුවද නැවත මේ දිනවල කාන්දු වීමක් සිදුවෙමින් පවතින බව මන්ත්‍රීවරයා කියා සිටියි.
රුපියල ශක්තිමත් වෙන විට එහි ප්‍රතිලාභය මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ලබා ගත්තද ප්‍රශ්නයක් වන විට ඊට කර ගැසීමට සිදුවන්නේ මහජනතාවට බව හෙතෙම තවදුරටත් අවධාරණය කරයි.


