මීගොඩ රිය අනතුරේ සැකකරුවන් සෙවීමේ මෙහෙයුම්: සැකකරුවන් තිදෙනෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි..

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

මීගොඩ හංදිය අසල සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දැනට පලාගොස් සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

2026 මැයි 31 වන දින සිදුවූ මෙම ශෝකජනක සිදුවීමෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් බරපතල තුවාල ලැබූහ.

අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නමුත් එහි ගමන් කළ අනෙක් පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

අවශ්‍යව සිටින පුද්ගලයන්ගේ ඡායාරූප සහ තොරතුරු දැනටමත් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔවුන් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන පවත්වයි.

සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මීගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

සැකකරුවන්ගේ විස්තර
නම :-අත්තනායකගේ දොන් වසන්ත
ලිපිනය :-අංක 243/ඩී, කුඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල (කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු වේ)


නම :- එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්
ලිපිනය :- අංක 342/ඩි, පැලැන්වත්ත, පන්නිපිටිය


නම :- දොන් සරත් හෙට්ටිගේ
ලිපිනය :- අංක 337/07, පැලැන්වත්ත, පන්නිපිටිය.

ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක – 
ස්ථානාධිපති – මීගොඩ පොලිස් ස්ථානය 071-8592179
ස්ථානාධිපති රථවාහන, මීගොඩ පොලිස් ස්ථානය 077-9494188

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...

රු.6500ක අල්ලසක් ගන්න ගිහින් තරුණ සේවා සභාවේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව...

එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...