FIFA ගැන ඇසෙන කතා…

රෂිකා හෙන්නායක ජුනි 05 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයක සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලෝකවාසී පාපන්දු ලෝලීන් මෙම දැවැන්ත සැණකෙළිය දෙස බලාපොරොත්තු සහගතව දෑස් දල්වා සිටියද, තිරය පිටුපස සිදුවන ප්‍රවේශ පත්‍ර අර්බුදය සහ නීතිමය ගැටලු ජාලය හේතුවෙන් සමස්ත තරගාවලියේම විනිවිදභාවය පිළිබඳව බරපතල සැකයක් මතු වී ඇත. විශේෂයෙන්ම “නොමිලේ නිකුත් වූ” ප්‍රවේශ පත්‍ර සහ ඒ වටා ගෙතුණු නීතිමය පරීක්ෂණ, ගෝලීය පාපන්දු පාලක මණ්ඩලය වන FIFA ආයතනයේ ව්‍යාපාරික ආචාරධර්ම දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

මෑතකදී FIFA වෙබ් අඩවියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ටොරොන්ටෝ හි පැවැත්වෙන කාණ්ඩ මට්ටමේ තරග සඳහා ප්‍රවේශ පත්‍ර 60ක් පමණ කිසිදු ගාස්තුවකින් තොරව වෙන් කර ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබී තිබුණි. මෙම දෝෂය පිළිබඳව මුලින්ම ලොවට හෙළිදරව් කළේ ප්‍රවේශ පත්‍ර අලෙවියේ සිදුවන දෝෂ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ‘Ticket Talk Network’ සමාජ මාධ්‍ය ජාලයයි.

නොමිලේ ප්‍රවේශ පත්‍ර ලැබුණු අයට FIFA ආයතනය සහනයක් ලබා දෙනවා වෙනුවට සිදු කළේ ඒවා වහාම අවලංගු කර, සම්පූර්ණ මිල ගෙවා නැවත මිලදී ගැනීමට දින හතක කෙටි කාලයක් ලබා දීමයි.

FIFA ආයතනය නිකුත් කළ නිල ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ:

“Fifa can confirm that approximately 60 fans received a communication on Wednesday, 3 June regarding tickets that had been allocated at no charge due to a prior payment issue during the checkout process…” (ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ ගෙවීම් දෝෂයක් හේතුවෙන්, කිසිදු ගාස්තුවකින් තොරව ප්‍රවේශ පත්‍ර වෙන් වූ ප්‍රේක්ෂකයින් 60 දෙනෙකුට පමණ ජූනි 3 වන බදාදා දින දැනුම් දීමක් සිදු කළ බව FIFA තහවුරු කරයි…)

ආයතනය සිය “කනගාටුව” පළ කළද, තමන් අතින් සිදු වූ වැරැද්දකට ප්‍රේක්ෂකයන්ට මෙවැනි තර්ජනාත්මක දින හතක කාලසීමාවක් ලබා දීම ආයතනික වගවීම (Corporate Accountability) පිළිබඳ බරපතල ප්‍රශ්නයකි.

FIFA විසින් ක්‍රියාත්මක කරන ‘Variable Pricing’ හෙවත් ඉල්ලුම අනුව මිල වෙනස් වීමේ ක්‍රමය මේ වන විට නීතිමය පරීක්ෂණ කිහිපයකටම මැදිව තිබේ. නිව්යෝර්ක් සහ නිව් ජර්සි හි නීතිපතිවරුන් විසින් පවරා ඇති මෙම පරීක්ෂණ මගින් FIFA ආයතනයට එරෙහිව “කෘතිමව මිල ඉහළ දැමීම” සහ “ප්‍රේක්ෂකයන් නොමඟ යැවීම” වැනි චෝදනා එල්ල වී ඇත.

තරගාවලිය “Sold Out” (සම්පූර්ණයෙන්ම විකිණී අවසන්) වනු ඇති බවට FIFA පුරසාරම් දෙඩුවද, ජූනි 11 වනදා තරගාවලිය ආරම්භ වීමට සතියකටත් වඩා අඩු කාලයක් තිබියදී තවමත් ප්‍රවේශ පත්‍ර ඉතිරිව පවතී. අප්‍රේල් මාසයේ සිට අවසන් විවෘත විකුණුම් අදියර ක්‍රියාත්මක වුවද, ඇතැම් විට තරගය ආරම්භ වන තෙක්ම ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බව පැවසීමෙන් පෙනී යන්නේ ප්‍රවේශ පත්‍ර තොග පිළිබඳව පවතින අපැහැදිලි තත්ත්වයයි. මෙය ප්‍රේක්ෂකයන් තුළ කෘතිම හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ගත් උත්සාහයක් දැයි සැකයක් මතු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා ආරක්ෂාව සඳහා නව ආරක්ෂක පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : රට තුළ දරුවන්ගේ...

ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!

කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්...

සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...