සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2026 අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් දැක්වේ.
මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 මැයි මාසය තුළ දී ඩොලර් මිලියන 6,511 සිට ඩොලර් මිලියන 6,652ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇත.
චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකමක් ද මෙම සංචිත වතකම් තුළ අන්තර්ගත වේ.


