කොමියුනිස්ට් පක්ෂ සභාපති ඉවත් කිරීම වළක්වාලන වාරණ නියෝගය දීර්ඝ කරයි

Date:

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජනවාරි 07 වැනිදා දක්වා වාරණ නියෝගය බලපැවැත්වේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන රාජා කොල්ලුරේ මහතා පක්ෂ සභාපති තනතුරින් ඉවත් කිරීමට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය ඔක්තෝබර් 24 වැනිදා තීරණය කළේය.

මධ්‍යම කාරක සභාවේ තීරණය අභියෝගයට ලක් කරමින් කොල්ලුරේ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ අතර ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමාගේ සභාපති තනතුර අහිමි කිරීම නීතිවිරෝධී බවට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. සභාපති තනතුරින් ඉවත් කිරීම අත්හිටුවන වාරණ නියෝගයන් නිකුත් කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...