සිර දඬුවමට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ !

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු සිරදඬුවමට සහ දඩයට එරෙහිව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.

අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ ශෂී වීරවංශට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලද්දේ 2022 මැයි 27 වනදා ය. එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඒ අනුව 2022 මැයි 31 වනදා ඇයව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර තිබිණි.

අද දිනයේදී ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ ආකාරයෙන් ශෂී වීරවංශ විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයයි. එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොලඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව ස්ථිර කරන බවයි.

ඒ අනුව ඇයට නියම වුණු සිරදඬුවම සහ දඩය යළි බලාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...