පිටරටින් ගේන හාල් සතුන්ට මිස මිනිස් පරිභෝජනයට සුදුසු නෑ – කෘෂිකර්ම ඇමති (VIDEO)

සත්ව ආහාර සඳහා සහල් භාවිතා කිරීම තහනම් කරමින් පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කළයුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“දැන් සහල් සඳහා පනවලා තිබෙනවා නීතියක් සත්ව ආහාර සඳහා ගන්න බෑ කියලා. මගේ මතය නම් මේ රටින් ගේන හාල් සත්වයින්ට මිසක් මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු ඒවා නෙවෙයි. මං හිතන්නෙ මේවායේ විශාල අපි පාවිච්චි නොකරන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා, අපට වඩා බාල පොහොර සමහර සහල්වලට පාවිච්චි කරලා තියෙනවා. මං හිතන්නෙ මේක මිනිස්සුන්ට වඩා හොඳ සත්තුන්ට. ඒ නිසා මේ සත්ව ප්‍රශ්නය විසඳාගන්න මේ ගැසට් එක අයින් කරලා මේ සහල් ප්‍රමාණයක් සතුන්ගේ පරිභෝජනයට ලබා දුන්නොත් අපට හැකියාව තියෙනවා, අපේ ගොවීන් අද ශක්තිමත් වෙලා තියෙනවා මේ රටට අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් සහල් සපයන්න. ඒ නිසා දැන් වැඩිපුර ගෙනල්ලා තියෙන ටික සත්ව ආහාරවලට දුන්නොත් කුකුළු මස් සහ බිත්තර මිලේ අඩුවීමක් කරගන්න පුළුවන්”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගරසභාවත් බදු පොලු තියලා !

කොළඹ මහ නගරසභාව විසින් රුපියල් කෝටි 100කට අධික දැවැන්ත...

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් ඇතුළු පිරිසගෙන් අධිකරණයට මෝසමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර...

අඩු පීඩන කලාපය බටහිර දෙසට – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන...

ටිබෙටයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.0ක භූ කම්පනය හේතුවෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඊයේ(22)...