පැනීම්වලට ජය පාට ජෝන් ටාබට්

Date:

කණිෂ්ඨ පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට විශාල බාධා සහිතව ක්‍රියාත්මක මෙවර ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ පැනීම් ඉසව්වල දක්ෂතාවල වර්ධනයක් පෙනෙන්නට ඇත.මේ දක්වා වාර්තා වී ඇති නව වාර්තා හයෙන් පහක්ම වාර්තා වී ඇත්තේ පැනීම් ඉසව්වලින්ය.තුන් පිම්ම ඉසව්වේදී වාර්තා දෙකක්,උස පැනීමේ වාර්තාවක් සහ දුර පැනීමේ වාර්තාවක් ද,රිටී පැනීමේ වාර්තාවක් ද මේ වාර්තා අතරට එකතු වී තිබෙන අතර අඹගමුවේ නව වෙඬිල්ල බවට පත් වි සිටින කේ.එම්.ඩී දර්ශන මීටර් 400 කඩුලු ඉසව්වෙන් තත්පර 52.25 ක නව වාර්තාවක් තබමින් ජවන ඉසව්වක එකම වාර්තාවේ හිමිකරු විය.එය ද ජවන ඉසව්වක් වුව ද පැනීම් තාක්ෂණය ද බොහෝ දුරට භාවිතයට ගන්නා ජවන ඉසව්වක් වීම කැපී පෙනෙයි.
දුර පැනීමේ ඉසව්වෙන් දක්ෂතා දැක් වූ මොණරාගල දිස්ත්‍රික්කයේ නන්නපුරාව මහා විද්‍යාලයේ නෙත්මිකා මධුශානි හේරත් අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට ද සුදුසුකම් ලද්දාය.ඇය සුවිශාල බලාපොරොත්තු මතු කරමින් මීටර් 6.09 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වූවාය.අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්වේ කැපී පෙණුන ගම්පහ හොලික්‍රොස් විද්‍යාලයේ නෙහා හෙට්ටිආරච්චි මීටර් 12.79 ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් තබන්නට සමත් වූවාය.
පී. අභිශාලිනී චාවකච්චේරි හින්දු විද්‍යාලය නියෝජනය කරමින් පැමිණ අවුරුදු 16න් පහළ රිටි පැනීමේ ඉසව්වේ නව වාර්තාවට හිමිකම් කීවේ මීටර් 3 ක දක්ෂතාවයක් දක්වමින්ය.බාලක අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 15.64 ක දක්ෂතාවයක් දැක් වූ අශ්මික කේශාන් කෝරළගේ නියෝජනය කරන්නේ යොෂීඩා ෂොකන්ජි ජාත්‍යන්තර පාසලය.වත්තල ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් පැමිණි තරුෂ මෙණ්ඩිස් අවුරුදු 16 න් පහළ උස පැනීමේදී මීටර් 1.96 ක දක්ෂතාවයක් දැක් වූයේ එම වයස් ඛාණ්ඩයේ උස පැනීමේ ඉසව්වේ නව වාර්තාලාබියා වෙමින්ය.
නෙත්මිකාට අමතරව ආසියාව ජය ගන්නට කුවේට් යාම සඳහා අවශ්‍යය පරිසාධනය සහතික කළ උස පැනීමේ දක්ෂතා සහිත දෙනෙත් අනුහස්,ජී.එල්.අර්ථවිඳු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අනුහස් මොනරාගල බෝදාගම විද්‍යාලයෙනි.අර්ථවිදු කොළම ඩී.එස්.සේනානායකයෙන්ය.දෙදෙනාම දක්ෂතාවය ලෙස මීටර් 2.06 ක දක්ෂතාවයක් දැක්වීය.මීටර් 1.67 ක ක දක්ෂතාවයක් දැක් වූ සිතුලි සාදිත්‍යා නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවේය.ඇය වසර ගණනක් සිට මේ සඳහා පිඹුරුපත් සකස්කර ගෙන සූදානම් වෙමින් සිටි කුඩා ක්‍රීඩිකාවක් වන අතර මෙවර ද ඇය පසුවන්නේ එම වයස් ඛාණ්ඩයේ පළමු වසරේ ය.
ඡායාරූපයන් හී දැක්වෙන්නේ නෙත්මිකාගේ දුර පැනීම සහ සිතුලි උස පැනීමේ හැඩය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...