විටින් විට එන තද වැස්ස:24 සහ 25 වෙද්දී වෙනස් වෙන හැටි – මධ්‍යම කඳුකරයට දැනටමත් එල්නිනෝ බලපෑම ආරම්භ වෙලාද? (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට පවතින දුර්වල එල්නිනෝ තත්ත්වය ඉදිරියේදී මධ්‍යස්ත සහ ප්‍රබල තත්ත්වයට පවත්වනු ඇති අතර දැනටමත් ශ්‍රී ලංකාවට එහි වක්‍ර බලපෑම් එල්ල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ දැනටමත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වෙත වර්ෂාවේ අඩුවක් මෙන්ම ජල වාෂ්ප රැගත් මෝසම් සුළං ප්‍රවාහයේ අඩුවක් දැකගත හැකි බවයි.

අද (22) දවස වන විට පවතින කාලගුණ තත්ත්වය අනුව වයඹ,බස්නාහිර, සබරගමුව යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් විටෙන් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද විජේමාන්න මහතා කියාසිටියි.

එමෙන්ම පස්වරු 02.00න් පසු ඌව සහ නැගෙනහිර පළාතේ තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ගත් විට කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට වෙරළ ප්‍රද්ශවල විටින් විට හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගාල්ල හම්බතොට සිටි පොතුවිල් දක්වා මුලතිව් සිට කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රද්ශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හකිය.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය එළබෙන 24,25 යන දින වනවිට වැඩි ඇති වනු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේවෙතත් බහුතරයක් දෙනා බලාපොරොත්තුවෙන් සිට එල්නිනෝ තත්ත්වය මෙරටට එළඹෙන අගෝස්තු මාසය වන විට බලපෑම් කරනු ඇති අතර ඒ අනුව වර්ෂාවේ අඩුවක් තිබිය හැකිය.

එල්නිනෝ බලපෑම හේතුවෙන් ඔක්තෝමබර් – නොවැම්බර් වන විට ලැබෙන වර්ෂාපතනයේ වැඩි වීමක් දැකිය හැකි අතර ලබන වසරේ ජනවාරි, පෙබාවරී මාර්තු මාසයන්හිදී එල්නිනෝ තත්ත්වය හමුවේ දැඩි අව් රශ්මියක් දැනෙනු ඇති බවද විජේමාන්න මහතා තවදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...