පිලිතුරු දීමේ අයිතිය: අප විසින් පලකළ පුවතකට අදාළව බදුල්ල දිස්ත්‍රික් පා.ම.චමින්ද විජේසිරිගෙන් ක්ෂණික පිලිතුරු.. 

අද (22) දින අප වෙබ් අඩවිය තුළින් පළ කරනු ලැබූ පුවතකට අදාළව, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඒ සඳහා පිළිතුරු ලබා දී තිබේ.

ඒ අනුව ඒ මහතා එම පුවත පිළිබඳ ඔහුගේ අදහස් දක්වනු ලැබුවේ මෙසේයි.

“විශේෂයෙන්ම ඔබගේ වෙබ්අඩවිය තුළ ඉදිරිපත් කර ඇති 332, 314 සහ 486 කියන ඒ වගන්ති මගේ නීතිමය දැනුම අනුවත් රාජකාරියකට බාධා කරා කියන කාරණය සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම කිසි විටෙකත් කිසි මොහොතකවත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධ කරා කියන කාරණය පිළිබඳව නඩුවක් කිසිම උසාවියක මා සම්බන්ධ තිබුණේ නැහැ කියන කාරණය මං ඉතාම වගකීමෙන් කියනවා . ඒ වගේම නගරයේ ආසන්නයේ 2019 යම්ත තදබදවීමක් තුළ බහින් බස් වීමක් පිළිබඳව අධිකරණ එක නඩුවක් තිබුණු බව මම පිළිගන්නවා. ඒ ඇරෙන්නට පොලිස් රාජකාරිය යෙදී ඉන්න නිලධාරීන්ට බාධා කිරීමක් කියන කාරණය ඉතාමත්ම සාවද්‍ය විදිහේ ප්‍රකාශයක් පළ කරමින් දේශපාලන හයිය පාවිච්චි කරමින් නිලධාරීන්ට බාධා කරා කියන කාරණය වර්තමානය දේශපාලනයේ නිලීන බව අපිට පේනවා මං හිතනවා ඒක නිවැරදි කරන්නට ඕනේ, කෙසේ වෙතත් මේ කාරණය ඉතාමත්ම බරපතල විදියට මේ සමාජයේ නොමඟ යවයි කියන විශ්වාස ඒ වගේම දේශපාලනය කරන මට එය විශාල අගතියක් වෙයි කියලා විශ්වාසය තුළ තමයි මම මේ නිවැරදි කිරීම ඉල්ලන්නේ.

ඒ වගේම මම හිතනවා මේක 2019 යහපාලන ආණ්ඩුව තුළදී සිද්ධ වෙච්ච කාරණයක් එතකොට තිබුණේ ආණ්ඩු බලය, ඒ කාලයේ මම යහපාලන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. කිසි කිසිවිට ආණ්ඩු බලය පාවිච්චි කරන්න උත්සාහ කරේ නෑ ඒ මොහොතේ මේකට සම්බන්ධ වෙච්ච මේ පුද්ගලයන් දෙදෙනා තවත් පුද්ගලයෙක්ගේ මවකගේ අසනීපෙට බෙහෙත් එකක් අරගෙන යන වෙලාවේ තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තිබෙන්නේ, ඒක රාජකාරී කටයුත්තක් නොවෙයි කියන කාරණය මම පැහැදිලිව කියන්න ඕනේ. මොකද 2019 එවකට හිටපු මෛත්‍රිපාල සිරිසේන අපේ යහපාලන ආණ්ඩුව කාලය තුලත් මම ඒ ආණ්ඩුව ඇතුලේ තිබිච්ච සමහර වැරදි ක්‍රියාමාර්ග විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුනුත් ඔය ඔබ සඳහන් කරපු ඒ කාරණය තමයි කටයුතු කරන්න උත්සාහ කළේ, නමුත් ගරු අධිකරණය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඒ මොහොතේ මවට බෙහෙත් ගෙනෙන කාරණය රාජකාරීම කාරණයක් නොවෙයි කියන කාරනය සඳහන් කරලා ඒ අවශ්‍ය නීතිමය නිවැරදි කිරීම ඉටුකරලා, එහි නිවැරදි භාවය මට ලබාදෙන්න අවශ්‍ය කටයුතු කළා,

ඒ වගේම රටට වගකියන ඔබ ආයතනයත් මේ කාරණය සම්භන්ධ කාර්‍යභාරයේදී මට ඒ සාධාරණය ඉටු කරලා දෙන්න, ඒ වගේම මම මේ රටට වගකිය යුතු තොරතුරු සපයන නිවැරදි රටට වගකිය යුතු තොරතුරු සපයන නිවැරදි තොරතුරු ලබාදෙන ආයතනයක් හැටියට, ඒ වගේම මේ රටේ ජනතාවට දැනගත යුතු සමහර දේ කියන දේවල් නිවැරදිව ඒ රටේ ජනතාවට නිවැරදි කරන මාධ්‍ය ආයතනයක් හැටියට,

මට මතකයි මැයි පළවෙනිදා ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට මැයි 25 වෙනිදා රටටම අප්පුඩි ගහලා කුරේ දාලා නඩු තීන්දු ඒ විදියට ගේනවායි කියන කතිකාවක් තිබුණයි කියලා කාලේ මම විශ්වාස කරනවා ඔහුගේ ප්‍රකාශයක් පිළිබඳව. ඉතින් මේ නඩු තීන්දුව තුළ මහා මහාධිකරණය මට ලබා දෙන්නේ මැයි 25 වෙනිදා දිනයේදී, ඉතින් මේ 25 වෙනිදා කියන කාරණය රටටම අත්පුඩි ගහන්න මේ බයින් බස් වීම සම්බන්ධව කාරණයේදී කියන කාරණය පිළිබඳවද කියල අපිට සැකයක් තිබෙනව. කෙසේ වෙනත් මේ රටේ හොරු අල්ලනට වංචනිකයන් , දූෂිතයන් අල්ලනකොට අපි විරුද්ධ නැහැ. හැබැයි හොරු අල්ලන්නෙ නැතුව වංචනිකයො අල්ලන්නෙ නැතුව වෙනත් වූ කාරණා කරන එකද, ඒ වගේම අපි අපේ ආණ්ඩුවලත් ඒ හොරුන්ට ,වංචනිකයන්ට විරුද්ධව ප්‍රකාශ කලා, ඉතිං මේ ජනතාවගේ අභිලාෂයක් බලාපොරොත්තුවට විරුද්ධ වෙන ඕනෑම පුද්ගලයෙක්ට වැරදියි කියන්න පුළුවන් කෂේරුකාවකින් හිටගැනීම සිදු කරනවා. දේශපාලනික පසුබිම පාවිච්චි කරලා හයිය පාවිච්චි කරලා ඒ කටවල් වහන්න දරන උත්සාහයක අවස්ථාවක්දෝ කියන සැකය මේ කාරණය හරහා දිගින් දිගටම මතුවෙනවා. අනාගතය තුළ මේ කාර්යයන් පිළිබඳව නිවැරදි භාවය සත්‍යය භාවය හොයන්න අවශ්‍ය කැප කිරීම මේ රටේ නීතිය විසින් ඉටු කරලා දෙයි කියලා විශ්වාසය අපිට තිබෙනව. ඒ නිසා අධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවක් , අධිකරණය ලබාදෙන තීන්දු ඒ සියල්ල අපි අභියෝග කරන්නෙ නෑ. එය අපි ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ රටේ පුරවැසියෙක් හැටියට නීතියට ගරුකරන පුද්ගකලයෙක් හැටියට, ඒ නිසා යම් යම් බාධා කිරීම් හරස්වීම්, වෙනස්වීම් සිද්දවෙන්නේ මොන ආකාරයෙන්ද යන්න පිළිබඳව අනාගතය තුළමේ රටට නිවැරදිව ඔබත් ඉටුකළ යුතුව තිබෙනවා”

සබැඳි පුවත්…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...