වසරක මුල් මාස 5ක් තුළ ඉපයූ ඉහළම අපනයන අදායම 2026 උපයයි!

කොළඹ LNW:වසරේ පළමු මාස පහ තුළ ඩොලර් බිලියන 7.39 ක අපනයන ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙන අතර ඒ, ගෝලීය වශයෙන් ඉතාම අහිතකර තත්ත්වයක් රටට එල්ල වී තිබෙන පසුබිමකය.

මෙම අපනයන ආදායම ඕනෑම වසරක පළමු මාස පහ තුළ උපයා ඇති ඉහළම අපනයන ආදායම බව වාර්තා වී තිබේ.

පසුගිය වසරේ මුල් මාස පහ සමග සැසදීමේ දී මේ වසරේ ආදායම 7.56% කින් වර්ධනය වී තිබෙන අතර අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර තිබෙන දත්ත අනුව, පසුගිය මැයි මාසයේ වෙළද භාණ්ඩ අපනයනය, 2025 වසරේ මැයි මාසය හා සැසදීමේ දී 18.25% කින් ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේ වෙළද භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.22 ඉක්මවා තිබේ.

මැයි මාසයේ සේවා අපනයනය පසුගිය වසරේ මැයි හා සැසදීමේ දී 18.67% කින් ඉහළ ගොස්, ඩොලර් මිලියන 347.55 දක්වා වර්ධනය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...