රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ LNW :
රන් ජයන්තිය සලකුණු කරමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2026 ට සමගාමීව අද පැවැත්වුණු කාන්තා පාපැදි තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට වයඹ පළාත නියෝජනය කළ ඒ.එම්. දිනේෂා දිල්රුක්ෂි සමත් වූවාය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම තරඟයේදී ඇය පැය 2:16:03 ක (Hand Timing) කාලයකින් තරඟය නිමා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ දෙවන ස්ථානය ද වයඹ පළාතේම පී.ඒ.එස්. ප්‍රියදර්ශනී විසින් දිනාගත් අතර, තෙවන ස්ථානය බස්නාහිර පළාත නියෝජනය කළ ආකාශා සඳමිණි හට හිමිවිය.
මේ අතර තරඟයේ දක්ෂතම මධ්යන්තර ධාවිකාව හිමි ‘Inter Medium Sprinter’ සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ද වයඹ පළාතේ ඩබ්ලිව්.ආර්. මධුමාලි ප්‍රනාන්දු ක්‍රීඩිකාවයි. මෙම ජයග්‍රහණ සමඟින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරඟාවලිය තුළ වයඹ පළාත් ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.




