සිංහ කොඩිය සිල්වර්ස්ටෝන් අහසට එසවූ, ශ්‍රී ලංකාවේ අනාගත Formula 1 තරුව – Yevan David

සටහන – පුලී

ජූලි 05, LNW (කොළඹ): ලෝකයේ හොඳම තරුණ ධාවකයන් සමඟ එකම ධාවන පථයේ තරඟ කරමින්, ශ්‍රී ලංකාවේ නම නැවතත් ජාත්‍යන්තර වේදිකාවේ ගෞරවයෙන් රැඳවූයේ අපේම Yevan Davidයි.

එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පැවති FIA Formula 3 Championship ස්ප්‍රින්ට් තරඟයේදී AIX Racing කණ්ඩායම නියෝජනය කළ යෙවන්, විශිෂ්ට දස්කම් පෙන්වමින් දෙවැනි ස්ථානය දිනාගනිමින් තවත් ජාත්‍යන්තර පෝඩියමක් තම නමට එක් කළේය.

ජයග්‍රහණය Ugo Ugochukwu සතු වූ අතර, තෙවැනි ස්ථානය Théophile Naël දිනාගත්තේය. එහෙත් ශ්‍රී ලාංකික අපට, අද ලොකුම ජයග්‍රහණය වූයේ ලෝකයට නැවතත් ශ්‍රී ලංකාවේ නම ඇසෙන්න සැලැස්වූ යෙවන්ගේ අසමසම දස්කමයි.

රේස් ට්‍රැක් එකේ වේගය ඔහුගේ ශක්තියයි. රටේ ආඩම්බරය ඔහුගේ බලයයි.

සිංහ කොඩිය ලෝකයේ වේගවත්ම ධාවන පථවල පියාසර කරවන්න… යෙවන්, අපි හැමෝම ඔබත් සමඟයි! 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...