රෂිකා හෙන්නායක ජූලි 05, කොළඹ LNW :
කොළඹ, ජූලි 05: 50 වන ජාතික මහා ක්රීඩා උළෙල – 2026 ට සමගාමීව අද (05) පෙරවරුවේ පැවැත්වුණු තරඟ ඇවිදීමේ (Race Walking) පිරිමි ශූරතාව ඌව පළාතේ ආර්.එම්.ඩී. රුක්මාල් සහ කාන්තා ශූරතාව දකුණු පළාතේ යූ.වී. කල්හාරි මදිරිකා විසින් දිනා ගැනීමට සමත් විය.
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ කාන්තා තරඟ ඇවිදීමේ ඉසව්ව පැය 1:47:57 ක කාලයකින් නිමා කරමින් ප්රථම ස්ථානය දිනා ගැනීමට දකුණු පළාතේ අංක 162 දරන යූ.වී. කල්හාරි මදිරිකා (UV Kalhari Madirika) සමත් වූවාය. එහි දෙවන ස්ථානය පැය 1:56:00 කින් අංක 161 දරන ටී.වී. හෂිනි ලක්ෂානි (TV Hashini Lakshani) සහ තෙවන ස්ථානය පැය 1:57:04 කින් අංක 165 දරන පී.බී. ගයානි (PB Gayani) විසින් දිනා ගන්නා ලදී. ස්ථාන ත්රිත්වයම දිනාගත් දකුණු පළාත, කාන්තා කණ්ඩායම් ශූරතාව (Team Championship) ද පහසුවෙන්ම සතු කරගත්තේය.

පිරිමි තරඟ ඇවිදීමේ ඉසව්වෙන් පැය 1:35:02 ක කාලයක් සටහන් කරමින් ප්රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ ඌව පළාතේ අංක 171 දරන ආර්.එම්.ඩී. රුක්මාල් (RMD Rukmal) ය. එහි දෙවන ස්ථානය පැය 1:36:14 කින් දකුණු පළාතේ අංක 161 දරන ඩී.ජී. ඉමන්ත සහන් (DG Imantha Sahan) හිමිකර ගත් අතර, තෙවන ස්ථානය පැය 1:38:01 කින් උතුරු මැද පළාතේ අංක 127 දරන එච්.එම්.එස්.ආර්. හේරත් (HMSR Herath) විසින් දිනා ගන්නා ලදී. පිරිමි ඉසව්වේ ද ඉහළම දක්ෂතා දැක්වූ දකුණු පළාත් කණ්ඩායම පිරිමි කණ්ඩායම් ශූරතාව ද තමන් සතු කර ගැනීමට සමත් විය.




