සටහන – පුලී
ජූලි 06, LNW (කොළඹ):2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේදී පස්වරක් ලෝක ශූරයන් වූ බ්රසීලය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් නෝර්වේ කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට අර්ධ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගයේ පළමු අර්ධයේදී බ්රසීලයට හිමි වූ දඬුවම් පහරක් බෘනෝ ගිමාරෙස් විසින් සාර්ථක කර ගැනීමට නොහැකි වීම තරගයේ තීරණාත්මක අවස්ථාවක් බවට පත්විය.
79 වැනි මිනිත්තුවේදී ඇන්ඩ්රියාස් ෂෙල්ඩෙරුප්ගේ ක්රොස් පන්දුවක් හිසින් දැලට යොමු කළ එර්ලිං හාලන්ඩ් නෝර්වේට පෙරමුණ ලබා දුන්නේය. අනතුරුව 90 වැනි මිනිත්තුවේදී දඬුවම් කලාපයෙන් පිටත සිට එල්ල කළ ප්රබල පහරකින් ඔහු සිය දෙවැනි ගෝලයත් වාර්තා කරමින් නෝර්වේ ජය තහවුරු කළේය.
අතිරේක කාලයේදී ලියෝ ඔස්ටිගාඩ් විසින් කැසෙමිරෝට වැලමිටෙන් පහර දුන් බවට විනිසුරු ඉස්මයිල් එල්ෆාත් තීරණය කිරීමෙන් පසු බ්රසීලයට දෙවැනි දඬුවම් පහරක් හිමි වූ අතර, එය නේමාර් සාර්ථක ලෙස ගෝලයක් බවට පත් කළද, එය පරාජය වළක්වා ගැනීමට ප්රමාණවත් නොවීය.
මෙම පරාජයත් සමඟ 1990 වසරෙන් පසු පළමු වරට බ්රසීලය ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් අට දෙනාගේ වටයට පෙරම ඉවත් විය.
අර්ධ අවසන් අට දෙනාගේ වටයේදී නෝර්වේ කණ්ඩායම එංගලන්තය සහ සම සත්කාරක මෙක්සිකෝව අතර ජයග්රාහකයා සමඟ තරග වැදීමට නියමිතය.

