රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :
අද (06) උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ප්රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත් අනාවරණය කෙරේ.
මියගිය පිරිස අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද වන අතර, ගැටුම් හේතුවෙන් තවත් විසිපස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පාලනයෙන් ගිලිහී ගිය මෙම තත්ත්වය සමනය කිරීම සඳහා පොලිසිය විසින් වෙඩි ප්රහාර එල්ල කිරීමට පවා පියවර ගෙන තිබේ.
සබැඳි පුවත්..


