බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාර අනතුරින් පීඩාවට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්!

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

පසුගිය මාර්තු මස 23 වැනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සිදුවූ හදිසි අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

විද්‍යාලයේ විද්‍යාගාරය තුළ පිෂ්ඨ පරීක්ෂාවක් (Starch Test) සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ අදාළ පවුලේ දෙවැනි දරුවා වන සිසුවියයි. පරීක්ෂණය අතරතුර භාවිත කළ රසායන ද්‍රව්‍ය උතුරා ගොස් ගිනි ගැනීමත් සමඟ ඇය මෙලෙස පිලිස්සුම් තුවාල ලැබුවාය. අනතුරින් පසු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු සිසුවිය මාසයකට අධික කාලයක් එහි නේවාසිකව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබූ අතර, මේ වන විට තුවාල සුව අතට හැරෙමින් තිබුණද ඇයට තවදුරටත් අඛණ්ඩව වෛද්‍ය සාත්තු සහ ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතී.

මෙම සිදුවීම සහ පවුලේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව විසින් ජනාධිපති අරමුදල වෙතින් සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය සැලසීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක සිසිර සෙන්පති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද දින ( ජුලි 11 ) අදාළ සිසුවියගේ නිවස වෙත පැමිණ පවුලේ සාමාජිකයින් හමුවී මෙම ශිෂ්‍යාධාරය නිල වශයෙන් පිරිනැමීම සිදු කළහ.

අනතුරට පත් සිසුවිය ඇතුළු එම පවුලේ ඉගෙනුම ලබන දරුවන් සිවුදෙනාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සෑම මාසයකම රුපියල් 25,000ක මුදලක් අඛණ්ඩව අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ජනාධිපති අරමුදල මගින් මෙලෙස කටයුතු සලසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...