හැටට හැටේ විදුලි බිල ඉහළට – පාර්ලිමේන්තුවත් පාරට බහීද ?

Date:

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මේ වනවිට රටතුළ මතුව ඇති ගැටලු පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය. විපක්ෂය විදුලිබල ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ආගමික ස්ථානවලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට සහන ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බිලද රුපියල් ලක්ෂ 60 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අද අනාවරණය විය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ විදුලි පිරිවැය අවම කර ගැනීම සඳහා සූර්යකෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එය ඉතා හොඳ යෝජනාවක් බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඒ සඳහා තම අමාත්‍යංශය හරහා මුදල් වෙන්කර නොහැකි බවයි ඇමතිවරයා සඳහන් කළේ. කෙසේ නමුත් සූර්ය බලය භාවිතා කිරීමට අදාල තාක්ෂණික සහාය ලබාදිය හැකි බවද කංචන විජේසේකර මහතා පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...