රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස සංශෝධනය ගැන රජයේ අවධානය!

කොළඹ LNW:විශ්‍රාම යෑමේ වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවලින් ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව රජය මේ වන විට සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) මීරිගම රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද වකුගඩු ගල් ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කරන ලෙස වෘත්තීය සමිති කිහිපයක්ම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි එහිදී අ,අමාත්‍යවරයා සඳහන් කළේ. සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර රජය මෙම ඉල්ලීම් ඉතා හොඳින් සමාලෝචනය කරන බවද ඔහු පැවසීය.

අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය වැනි අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වලින් මෙම ඉල්ලීම් ලැබී ඇති බව හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද මෙවැනිම ඉල්ලීම් ලැබී ඇති බව සඳහන්.

තමන්ට තවදුරටත් දීර්ඝ කාලයක් සේවය කිරීමට හැකියාව පවතින බව පවසමින්, විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කරන ලෙස වෙනත් වෘත්තිකයන් ද අදහස් ප්‍රකාශ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ මත පැවතිය හැකි වුවද, රජය දැනට ලැබී ඇති සියලුම ඉල්ලීම් සමාලෝචනය කරමින් සිටින බවත්, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමෙන් අනතුරුව සුදුසු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...